Order Guide - ඇණවුම් කිරීමේ ක්‍රියා පිළිවෙල

පියවර 1

ඔබගේ පාදයට අදාලව ප්‍රමාණය තෝරන්න.


පියවර 2

ඔබට අවශ්‍ය සපත්තු කුට්ටම් ප්‍රමාණය මෙහි ඇතුළත් කරන්න. කුට්ටම් ප්‍රමාණය වැඩි කිරීමට + සලකුණ ද කුට්ටම් ප්‍රමාණය අඩු කිරීමට – සලකුණ ද භාවිතා කල යුතු වේ.


පියවර 3

ඉන් අනතුරුව ‘Add to cart’ බොත්තම මත ක්ලික් කරන්න.

පියවර 4

පියවර 3 හි සඳහන් කල පරිදි Add to cart බොත්තම මත ක්ලික් කල සැණින් ඔබේ තිරයේ එහළින් මෙහි දක්වා ඇති පරිදි දිස් වේ. ඉන් පසු එහි ඇති View cart බොත්තම මත ක්ලික් කරන්න.

පියවර 5

පියවර 4 හි සඳහන් කල පරිදි View cart බොත්තම මත ක්ලික් කල පසු ඔබව නව පිටුවකට රැගෙන යන අතර එහි ඉහළින්ම Cart – Order Summary ලෙසට සඳහන් වේ. දක්වා ඇති පරිදි එහි ඇති Proceed to checkout බොත්තම මත ක්ලික් කරන්න.

පියවර 5 හි සඳහන් වූ බොත්තම මත ක්ලික් කල පසු ඔබට නව පිටුවක් දිස් වේ.

පියවර 6

ඔබ මීට පෙර Leather.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබේ නම් මෙහි දක්වා ඇති Click here to login මත ක්ලික් කරන්න. එසේ ලියාපදිංචි වී නොතිබේ නම් මීළඟ පියවර සඳහා යොමු වන්න. ඔබ මීට පෙර Leather.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබුනත් මෙම Click here to login මත ක්ලික් නොකර ඉදිරි පියවර සඳහා යොමු වී ඔබේ ඇණවුම ලබා දිය හැක.

එම නිසා මෙම පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය නොවේ.


පියවර 7

ඔබ වෙබ් අඩවියේ භාවිතා කළ හැකි කූපන් පතක් තිබේ නම් පමණක් එහි අංකය මෙහි දක්වා ඇති මත ක්ලික් කිරීමෙන් අනතුරුව ලබා දෙන්න.

පාසල් සිසුන් සඳහා ලබා දෙන වවුචරය මෙහි ඇතුළත් කිරීම අවශ්‍ය නොවේ.


පියවර 8

Billing details යටතේ ඔබෙන් ඉල්ලා ඇති තොරතුරු ලබා දෙන්න.

මෙහිදී * සලකුණ සඳහන් කර ඔබෙන් ඉල්ලා ඇති තොරතුරු අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි.


පියවර 9

ඔබෙන් ඉල්ලා ඇති තොරතුරුවලට අමතරව ඔබට කිසියම් විශේෂ දෙයක් අප වෙත දැනුම් දීමට අවශ්‍ය නම් මෙම ස්ථානයේ එය සඳහන් කිරීමට අවස්ථාව ඇත. එසේ විශේෂ කිසිවක් නොමැති නම් මෙහි කිසිවක් සඳහන් නොකරන්න.


පියවර 10

මෙහි දක්වා ඇති Place order බොත්තම මත ක්ලික් කරන්න. මීට පෙර පියවරක කිසියම් අඩුපාඩුවක් තිබේ නම් එය මේ අවස්ථාවේ දී ඔබට දිස්වෙනු ඇත. එසේ දිස් වුවහොත් එම තොරතුරු නිසි පරිදි ඇතුළත් කර නැවතත් Place order මත ක්ලික් කරන්න.

Place order මත ක්ලික් කිරීමෙන් ඔබේ ඇණවුම අප වෙත ලැබේ.


 

මුදල් ගෙවීම

  • ඔබේ ඇණවුම අප වෙබ් අඩවිය විසින් භාරගත් පසු ඔබට ඊට අදාලව ඉන්වොයිසය ඔබේ ඊ මේල් ලිපිනයට ලැබෙනු ඇත.
  • ඉන් අනතුරුව ඔබට අපගේ බැංකුවට ඔබේ ඇණවුමට අදාල මුදල ගෙවිය හැක.
  • මුදල් ගෙවීමෙන් අනතුරුව ඊට අදාල රිසිට්පත WhatsApp හෝ ඊ මේල් මාර්ගයෙන් අප වෙත ලැබීමට සලස්වන්න.

WhatsApp : 0777381047

E mail: kanchana@leather.lk

 

පාසල් සිසුන්ගේ වවුචර් භාවිතයෙන් මුදල් ගෙවීම

පාසල් සිසුන්ගේ වවුචර් මුදල් ලෙසට භාවිතා කිරීමේ හැකියාව ඇත. ඔබේ ඇණවුමට අදාල මුදල් අප බැංකුවට යොමු කිරීමේ දී පාසල් සිසුන්ගේ සපත්තු වවුචරයේ ඇති මුදල් අඩු කර ඉතිරි මුදල පමණක් අප බැංකුවට යොමු කල හැක.
ඉන් පසු ඔබේ මුදල් යොමු කිරීමට අදාල රිසිට් පත අප වෙත යොමු කිරීමේ දි, එම රිසිට්පත සමන්න ඉතිරි මුදල ලෙසට ඔබේ වවුචර් පතේ ඡායාරූපයක් අප වෙත යොමු කරන්න.

උදාහරණ: ඔබ රුපියල් 5600ක් වටිනා පාසල් සපත්තු කුට්ටමක් ඇණවුම් කල අවස්ථාවක ඔබ ඒ සඳහා අප බැංකුවට යොමු කල යුත්තේ රුපියල් 3600ක් පමණි.